Wednesday, May 08, 2024
Follow Us
හමුවීම සංසාරිකයි

දන්නවද ළමයෝ
අපි කිසිම වෙලාවක ආදරේ කියන්නයි


ආදරේ කරන්නයි පරක්කු වෙන්න හොද නෑ
මම විශ්වාස කරනවා ආදරේ කියන්නෙ
හදවතටම දැනෙන්න ඕනි දෙයක්
මේ ලෝකේම තියෙන හොදම ප්‍රේම කතාව
මට තියෙන්නේ කියලා දැනෙන තරමට මම ආදරෙයි
ඊටත් වඩා ඒ හැගීමට ලෝබයි
නොහිතපු විදිහට හමුවුන
පුංචි පුංචි හේතු අස්සේ ගලන් ගිය
ආත්මයක් පාසාම අදුරන බව දැනෙන
සංසාරයක් පුරාවටම ප්‍රාර්ථනා කරන
ලග ඉද්දි ලෝකයක් අමතක කරවන ඒ බැදීමට
ඇත්තටම මම ඇබ්බැහි වෙලා
ඔයාගෙයි මගෙයි කතාව හරියටම
සුරංගනා කතාවක් වගේ
මතක් වෙද්දිත් ඇස් අස්සේ කදුලු පටලයක් ඇදෙන
ඒ හැගීමට ඔව් මම ඇත්තටම ලෝබයි
ඉතින් මගේ පුංචි ළමයෝ
මේක අහම්බයක් වෙන්න ඇති
හැබැයි මගේ ජීවිතේ මේ හමුවීම මට සංසාරිකයි
ඒ තරමටම හුරුයි