Wednesday, May 08, 2024
Follow Us
දෙයක් කියන්නද?
දෙයක් කියන්නද?
ජීවිතේ විඳින්න, සතුටින් ඉන්න
අර වැඩේ මේ වැඩේ ඉවර වෙනකම් ඉන්න එපා..
අපි කවුරුත් දන්නේ නෑ
අපිට තව කොච්චර කාලයක් ඉතුරු වෙලා තියෙද කියලා..
ඒ හින්දා වැඩ කරන ගමන් ජීවිතේ ආස දේවල් කරන්න..
ආදරේ කරන අයව සතුටින් තියන්න..
ආස කෙනා එක්ක ගමනක් යන්න..
ආස තැනකින් කෑම කන්න..
ආස ඇඳුමක්, ආස විලාසිතාවක් කරන්න..
මොකද, මිනිස්සු කියන අපේ ඔය කියන වැඩ
මේ ලෝකේ දාලා යනකම් ඉවර වෙන්නෙ නෑ..
දහස් ගාණක් ආදායම ලබන කෙනාට තියෙන්නේ
ලක්ෂ ගාණක හීන..
ලක්ෂ ගාණක ආදායමක් ලබන කෙනාට තියෙන්නේ
කෝටි ගාණක හීන..
කෝටි ගාණක ආදායමක් ලබන කෙනාට තියෙන්නේ
ඊටත් එහා හීන...
ඉතිං, තියෙන හැටියෙන් ජීවිතේ
විඳින්න හුරුවෙන්න..
නැත්තම් ඔයත් දුකින්, ඔයා ආදරේ කරන අයත් දුකින්..
එහෙම නොවුනොත් දවසක ඔයාට
මේ ලෝකෙන් යන්න වෙන්නේ
ආස දේවල්, සතුටු වෙන දේවල් නොකරපු
වේදනාව හිතේ හිරකරගෙන..
ඉතිං, ලැබෙන හැම තප්පරේකම
ලස්සන මතකයන් ගොඩක් ජීවිතේට එකතු කරගන්න!