Sunday, March 22, 2026
Follow Us
දුවේ නුඹ මට සිහිනයක්

දුවේ නුඹ මට සිහිනයක්
ඉටු නොවන කිරි සිහිනයක්


පුතුන් පමණක් උරුම මට අද
දුවෙක්නම් මට සිහිනයක්...
පැතුම් පොදි බැඳ කප්පරක්
දුවෙක් වෙනුවෙන් මං කලක්
බලා හිටියා ආවෙ නැහැ නුඹ
උරුම නැතුවැති මට දුවෙක්...
කුසට නාවට මට දුවෙක්
ගෙනෙයි මගෙ පුතු මට දුවෙක්
වුනොත් යහපත් දුවක් ලෙස මට
නොවී ඇය එක් ලේලියක්.

-මිරිඟු /මිසා...