Saturday, July 27, 2024
Follow Us
බලන් ඉන්නෙ කොහොමද?
යකූ අක්කන්ඩියෙ මේ අහපිය
කුඩේ යට උඹ උගේ පච අහනව දිගටම....
මං මෙහෙම කරවෙනද අමතකද බොට.....
ඒත් කමක් නැහැ ...
කල්පණාවෙන් උඹට දෙයි ඌ දවසක ලෙහාගන්න බැරි ගැට........
අක්කගෙ තනියට උඹත් පලයන් මගෙ පුතේ
අම්මගෙ වදන් අහල ආවෙ උඹත් සමගින් උදේ...
අක්කෙ උඹ ගැන හිතලම පුංචි මගෙ හිත හොඳටම රිදේ..
රස්සාවට කලින් නොගැලපෙන පරස්තාවක් කරගනියි වගේ..
ගිය සතියෙ ඕකා පාසැලට ආවා අපේ
දරුවා දාගන්න ඕකගෙ... පන්තියට එකේ
අක්කෙ උඹ විශ්වාස කරත් ඉර හද වගේ...
සල්ලාලයෙක් ඔය රැඟුවට දෙය්යෙක් වගේ..
සත්තකින් අද මං අම්මගෙ කනේ තියනව උඹ කරන මේ ගොං වැඩේ
බලන් ඉන්නෙ කොහොමද අක්කෙ මං
උඹේ ජීවිතයම වැටෙනකම් අනතුරේ......
 

-අරෝෂා දමයන්ති