කියාගන්නට බැරිව ලතවෙන
පිරිමි හිත් නම්
ඔහොම වෙන්නැති
සමාදෙනවද මට ආයිනම්
හොයන්නෑ ඔය
ආදරේ හැටිනු
බට රිද්දන්නට හිතූවට
ඊට වැඩියෙන් මට
රිදෙන හැට්
තරහ වීලත් යාලු වෙන්නෙ
සසරෙ ඒ අපි
පතා ආ හැටි
අකීකරු හිත අනේ පුදුමයි
උඹේ මත්තෙම
මේ නහින හැටි
පුන්ච් ආදරණීය වදනක්
ඉල්ල ඉල්ලා මම
තැවෙන හැටි
ඒක මහ ලොකු දෙයක් වාගේ
නුබත් මට පවසන්නෙ
නැති හැටි
හිතේ තියෙනා සෙනෙහෙ තරමක්
මටත් හදුනා ගන්න
බැරි හැටි
ආයෙ ආයෙත් ආදරේ දැයි
අහන්නේ මම
ඒ මගේ හැටි
ඔය හිතේ පිදු සෙනෙහෙ රඳවා
ඉදින් මා ළඟ
මැණික ඒ ඇති
Iresha