Tuesday, March 24, 2026
Follow Us
ආදරේ දුන් දිනය
නවත්වා සැඩ මාරුතය උන්
හමා යනු මුදු ලෙස කියා
පවත්වා ගන්නැයි හිතින් මට
ආදරේ දුන් දින ඔයා
තවත් ආගන්තුක හැගුම්
මෙහි නැතයි පැහැදිලිවම ලියා
පුවත් ප්රේමයේ සියළු පාහේ
ඉබේ නුඹ වෙතටම ගියා

-Prasa