ආදරෙ මහ දුකක් කියලා
ආයෙමත් මට දැනෙද්දි...
මන් හුගාක් දුර ඇවිත් තනියම
හැරෙන්නට මට හිතෙද්දි...
ඇරෙන්නට හරි හැරෙන්නට හරි
උබේ මත්තෙම නැහෙද්දි...
උබ කොහේදො පැටලිලා තව
අපි අපෙන් මග හැරෙද්දි....
නොකියා ඉන්නෙමි කිසි කතාවක්
රකිමි මුනිවත නුබ ලග....
මරන්නම් මන් හැගුම් ආයෙත් ,
යන්න නුබ තව ඈතට...
රිදෙද්දි හිත හිනාවෙන්නෙමි
ආයෙ නොහඩමි නුබ ලග...
හිතක් නැති නුබ ලග තියේවිද
කොතෙක් හෙව්වත් ප්‍රේමය....
නුබට හිත ලැදි තවත් හිත ඇති
තියෙයි අදටත් ප්‍රේමය...
මරන්නට බෑ කොතෙක් හැදුවත්
කරුමයක් නුබෙ මතකය....
නුබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නෙ මන් කොහොමද....
ඉතින් මරපන් ඇවිත් ආයෙම,
ගැහෙනවා තව හදවත....
ගොලු වෙලා හිත නොදොඩා ඉන්නවා,
මට තරහා මන් එක්කම....
නැවතුනෙ ඇයි නුබේ ලග මන්
අහම්බෙන් වගෙ ඉස්සර....
හමු උනත් හිමි උනේ නැති ඔය
නුබේ පපුවෙ අස්සක...
ඉඩක් නෑ මට ඒකමයි පන
හුගක් ඇඩුවෙ ඇස් දෙක....
✍️රේනු දමයන්ති