Sunday, April 20, 2025
Follow Us
ලියූ කවි පද
ලියූ කවි පද නුඹ නමින් ඇත
හදෙහි ගැඹුරුම තැන රැදී
කියූ සෙනෙහස් නුරා නෙත්සර
කැලුම් හදවත සිත ඇදී
දිනූ හදවත ඔබයි සසරෙම
පුරා සිත් අහසෙම දිලී
ගැයූ ගීයක මියුරු තත්සර
. තනුව වෙමි සිතුවිලි බැදී
සරා සඳ නුඹ සිත් අහස් ගැඹ
එකලු කරවන සඳවතයි
දරාගෙන දුක් කවි ලියන්නම්
ඔබගෙ මතකය සුන්දරයි
නුරා කැල්මන් නීල නෙත්සර
කැලුම් ගෙනදුන් සිතුවිලියි
පුරා පෙම් පාරමී දම්
මං පුරන්නම් මතු සසරෙදී
 
-කවි පබැඳුම : ඉනෝකා ප්රියදර්ශනී නායකරත්න