Sunday, March 22, 2026
Follow Us
නුඹ මට කවියකි...
නෙතු පියවිලි අස්සට හීන අරන් එන
නුඹේ දයාබර සෙනෙහෙ තරම්
අන් කිසිවක් නෑ මගෙයැයි කිවහැකි
නුඹ මට මුළු ලෝකයක් තරම්..........
සෙනෙහස කවියකි හිත තුළ ඉපදුණ
මුමුණන්නට පපු තුරුලේ ඉඳන්
හැගුම් කොතෙක් වෙද සීමා මායිම්
නැති මේ සුවිසල් අහස තරම්..........
සඳ පිණි අහුරක් තරම් පිවිතුරුයි
දෝතට අරගෙන බලනවනම්
නුඹ පුදුම වේවි කිසිදිනයක නොසිඳෙන
සෙනෙහස මගෙ සාගරය තරම්..........
 
-රන්දිමා රෂීප්රභා