Monday, April 29, 2024
Follow Us
ඇය යශෝධරා

දරාගෙන දුක - හදාගෙන හිත
නොයා පසුපස - කදුලු සැඟවුව

මහා මෙර බර - හිතේ හිරවුන
නොදී කඳුලට - හදේ වැලලුව

පතා බුදු බව - සදා හැරගිය
හදේ හිමිකම - පුදා සැනසුන

ඇගේ පිවිතුරු - පෙමේ අරුමය
කෙසේ කියමිද - ලියා කවි පද?

-කිත්මිණි ජයසිංහ