Thursday, May 16, 2024
Follow Us
කොහොමද ළඳේ මේ හීතල දරන්නේ - දඬුවැට බිඳ දමා දුවගෙන වරෙන්නේ
කොහොමද ලඳේ මේ හීතල දරන්නේ - දඬුවැට බිඳ දමා දුවගෙන වරෙන්නේ
තරුණයා-
කළු ගන වලාවෙක හැංගුණු ශ්වේත සඳ
සළු පිළි මෑත් කර හිනැහෙයි දුරෙක හිඳ
සිළු නංවා නැගෙයි හද ලසොවින් තැවුල් කඳ
වෙළු පට තද කරම් ඉවසම් කොතෙක් ලඳ

 

තරුණිය-
ගමේ කතන්දර බෝවී වැඩි වෙච්චී
හිමේ හේන් වල දරුවගෙ අප්පච්චී
ලැමේ කිරිබරයි ඒ දරුවගෙ හිච්චී
ඉමේ කෙළවරක ඉමි නෑ දැන් නිච්චී
තරුණයා-
කුරහන් තිබේ අටුකොටු උතුරා යන්න
නිවහන් තනා ඇත එනු හැකි නම් ඉන්න
සමහන් කරන්නට උතුරා යන ගින්න
නොවහන් ලඳේ දොර අද රෑ එමි ඔන්න
තරුණිය-
හිමි ළඟ නැතිව දරමින් කරදර නේක
ඉමි ඉවසාන රිදවන බෝ දුක සෝක
කෙමි තෙත් කරන සීතල ඉවසමි රෑක
ලමි දොර පොල්ල නොම එනු මෙහි කිසි දාක

-Hasaranga Chamod