වෙරළ සිඹ සිඹ රැලල කිව්වත්
මොනතරම් ආදර කතා...
රැල්ල ආපසු යන්න යනවා
සයුරටම උණුසුම පතා...
සිඹින්නට එන අතර තුරදිම
තියල යනවා වැල්ල තුරුලෙම
සයුරමයි සෙනෙහස සිතා...
වැල්ල පෙරමග බලන් හිටියත්
රැල්ල එනතුරු රෑ දිවා..
ඇවිත් සිඹිමින් රැදුනෙ නෑ ලග
යන්න ගියෙ හිරුගෙන් දවා...
අහිමි රැල්ලට පෙමින් වෙලුනට
වෙළට තනිවී මග බලා...
අදත් ඉන්නව පුරුදු විදියට
සයුර දෙසටම නෙත් හෙලා...
-කවිකාරි-