Details Created: 02 February 2023 බියකරු වියරු රුහිරු කාහල නද කළ නින්දා ... සතුරු මිතුරු රන්වැට සින්නෙට බැන්දා ... මදුරු පිදුරු යුගයට නිදහස කැන්දා ... ගොදුරු වසුරු අසරණයින් ඉකිබින්දා ... හෙනහුරු දසාව ම දුප්පත්කමට ලැදී ... පෙරහුරු මරණයට හුස්මත් හිටිව් නොදී ... අමයුරු සිහිනයක රමණය හිතට දිදී ... බියකරු මරණයක කදුළක් සතුට යදී ... සමිත්‍රි වල්පොළ