මණ්දාකිණි තරු මැද්දෙ
කරක් ගහගෙන ඉඳපු මාව පියවි සිහියට
ගෙනාවෙ සැර කටහඬක්
මෙන්න ඉන්නවා උඹ රවං බලං
උඹම ටිකකට කලින් මට අමතක කරපු
මේ ලෝකෙ ඉන්න බැරි ඇයි
අහන්න වගේ ඇසුත් ලොකු කරන්
මහත්තයො හැඟීම් ඉවසනු බැරි තරං
වචනෙන් නොකිව්වත් මගෙ ඇස් දැකපු
උඹට තේරෙනු ඇතැයි
හිතුවා මම ගැහෙන හුස්මක් තදකරන්
දැන්ම සමාවක් උඹටනම් නෑ බං
මුවින් නොකියම මල් විලේ
උඹ කිමිදුනෙ
මගෙ හුස්මත් නවතින තරමටම
මාව යටත් කරන්
ඉතින්
මන්දාකිණි තරු මැද්දෙ
මගෙ හිත ඇවිදින එකටත් වැරදිකාරයා
උඹමයි නේද රත්තරන්......
“ කවදාවත් නොගිය තරු මන්දාකිණි අස්සෙ
ගෑණු හිත් ඇවිද්දෙ
හිතුවක්කාරකමට හැඟීම් අවුස්සන පිරිමි
උන් ලඟ ඉද්දි "
සදෙව්