Wednesday, June 24, 2026
Follow Us
Tharjini sivalingam ට

යාපා පටුනෙ තල් අරනේ ඉපදිච්චී
තල් ගස් දෙකක් තරමට උඹ උස් වෙච්චී
වහරන බස නිසා උඹ විය දෙමලිච්චී
ලක් මෑනියට නුඹ අබරණයක් වෙච්චී


දැල් පන්දුවට ඔය දඩු අත් හුරු වෙච්චී
උඹ ඉදිරියේ වැඩ්ඩන් සෙත්තාපොච්චි
ලක්මව හිසට රන් කිරුලක් හිමි වෙච්චී
ආඩම්බරයි සිවලින්ගම් තන්ගච්චී ?
===========================
Sujantha Pradeep Navaratne