Tuesday, February 03, 2026
Follow Us
ඉන්න ඇති උබ ...

ඉන්න ඇති උබ ...
අම්මාගේ අතේ..
හුරතලේට..


කොහෙන්ද හිතක් පපුවක්..
පුවක් ගහට..
නැතිකොට රටේ බොහොමයක් උන්ට..
එකයි වැටෙන්න ඇත්තේ උබේ..
ඔලුවටම....
පුපුරන්න ..
කුඩුවෙන්නම ඔලුව..
ඉතිං ..
දැගලුවා අපි බොහොමයක් වෙලා ..
රැකගන්න උබේ දිවිය
නමුත්
කෑ ගහල ඇඩුවේ නැතත්..
කදුලු පිරිල තිබුබ ඇස්වල..
දොස්තර නැන්දා මාමලගේ..
නර්ස් නැන්දාලගේ..
අනෙත් මාමලගේ නැන්දාලගේ ...
ඉතිං ....
ගියා වෙන්නැති..
හෙටක් නැතිරටෙන් නික්ම ..
සුරලොවට..
හෙටත් අපිට තියෙනව ..
බැනුම් අහගෙන..
ගහගන්න තෙල් රියට...
මොකටවත් නොවේ..
පුච්චන්න උබලා වෙනුවෙන් ..
ඉතිං සුභ ගමන් ..
....චූටි පුතේ...
...මේ මාස8 ක බිලිදා මොනරාගල රෝහලෙන් අපිට එවා තිබින ...එ දැඩිසත්කාර වෙනුවෙන් ....