Thursday, April 18, 2024
Follow Us
පිරිමි පුතෙක් ඉපදීම පවුලකට ශක්තියක්.?

අම්මලා ගොඩක් ආදරේ පුතුන්ටයි කියනවා.....
පුතාලත් අම්මට බොහෝ ආදරය කරනවා......
පුතෙක් නිසා පවුලට හයියක් ලැබෙනවා.....
ඒනිසා හුඟ දෙනෙක් පිරිමි පුත්තු පතනවා......


පුතෙක් හට කුඩා කල පටන්,යහපත් දේ පුරුදු කල යුතුමය .....
දඟ වැඩ කලත් සෙල්ලමට,කිසිවෙකුට හිරිහැර කිරීමට ඉඩ නොදිය යුතුමය.......
වැරදි වැඩ කලොත් නම් දඬුවම් කල යුතුමය....
හැඳි නොගා හදන හොද්ද කැටි ගැහැනෙවාමය.......
ගුණදම් කියා දී නිරතුරුවම පුතුට.........
ගරු කරමින් හැසිරෙන වැඩිහිටියන්ට.......
යොමු කර ලැදිව කටයුතු කරන ආගම දහමට.....
ආඩම්බරයකි එවන් පුතු ඔබට පමණක් නොව ලක්මවට.......
සිප් සතරින් පරතෙරට යවා.......
ජයපැරදුම සමව විඳිනට හුරු කරවා......
මනුසත්කම හදවතේ රඳවා.......
දුන්නොත් පිනක් ,ලක්මවට හොඳ පුතෙක් තනවා......
තම මවට සේ,හැම කතකටම ගරුසර ඇතිව හැසිරෙන.....
කෙදිනක හෝ තම බිරිඳට ආදරණීය සැමියෙක් වන....
සතුරු,මිතුරු සැමට විපතකදි උපකාර කරන......
බෝසත් පුතෙක් තැනුවොත් අම්මාවරුනි,ඔබට ඇත ඒ පින........
පුතුන් සියයක් ලැබුවත් පල නැතිය බෝසත් එකම පුතෙක් තරම්.......
කාරුණික හදවතක් හිමි පුතු ලොවෙහි උතුම්......
තැනුවොත් දුසිරිතෙන් තොර පුතෙක් ලැබෙයි අම්මාට පැසසුම්......
උපදින හැම හවයකම පතනෙමි,බෝසත් පුතෙකුට මව් වෙන්න වරම්........
?????????????????
නිර්මාණය: ලසන්ති කුරුප්පු(ලස්සා)✍??