Tuesday, February 03, 2026
Follow Us
හෙරළිය

ගලවා හෙරළිය මදුලෙන් මදුල
අමතක නැතිව සුද්දකර ගෙඩිය
කොහොල්ලෑ ඇලී අත්වල එහෙම
තෙලේ බලෙන් මැකිලා ගිය උඩින


උස්සගෙන යද්දි බලනවා බැලුම්
අපිට නැද්ද කියනවා සමහර එවුන්
මදුලෙන් මදුල ගලවනවා සිතින් උන්
ගින්න නිවන වෙහෙස කියනා කියුම්
ඩිංගිත්ත දෙන්න අල්ලා ගෙන යන්ට
පහළ ගෙදර උන්දාගේ පෙරෙත්තය
වැස්සක් ආව දනිපනි ගා දිවිල්ල
අල්ලා හිටි උන්දා නොපෙනී ගිහින්ය
ගොඩ වුනෙමි උන්දාගේ වහල යට
ඇහුනා සද්ද පොරෝ හඩක් ලෙස
එබිකම් කලා කාමරයේ දොර රෙද්ද ගෙඩියේ දෙපළු මත උල් තලය වැද
- නදීෂ නිර්මාණ හේරත්