Wednesday, September 16, 2026
Follow Us
කුස්සියේ විලාපය

බෝතලේ සීනි ටික
තේ හැන්දෙන් හූරන කොට
ඇහෙනවා මට
කුස්සියේ විලාපය.......


තේ කොල පෙට්ටියේ
අන්තිම කුඩු ටික
වැටෙන්නට තට්ටු කරන කොට
ඇහෙනවා මට
කුස්සියේ විලාපය.......
බෙදූ බත් පංගුව
කන්නට පැදුරෙ වාඩිවී
පිඟානත් - එකිනෙකාගෙ මූණත්
බලන විට වැටෙන කඳුළු කැට
කියනවා මට
කුස්සියේ විලාපය.......
හැමදාම රෑ වෙනකොට
පපු ගින්දරින් තැම්බෙන දරුදුකට
දරාගන්න බැරිම තැන
බහිනවා මහ පාරට
ලෝකෙටම කියන්නට
කුස්සියේ විලාපය.......
හොරා කෑ ජඩයින්
දරුවන් මැරූ පරයින්
එලවා දමන තුරු
බහිනවා පාරට
කුස්සියේ විලාපය.......