Tuesday, February 03, 2026
Follow Us
පුතේ...

හිත ගෙදර තියා
පපුව පිච්චි පිච්චි
නුඹෙ සුවද තුරුලු කරන්
ලෝකෙටම හොරා අඩ අඩ
වැඩට දුවන
අම්මා මමය..............


තිස්සේම හිනාවෙන
නුඹේ ඇස් මවාගෙන
මට තුරුලු වී
කිරි උරන
ඔයා මනසින් වඩාගෙන
ලෝකෙටම හොරා
වේදනා විදින
අම්මා මමය..............
රස කෑම නුඹට සාදා
තව බතුත් හෙම උයා
කන්නවත් වෙලාවක්
තිස්සේම මට නැතිව
බෙදාගත් බත් එක දමා
වැඩට දුවන
අම්මා මමය....
පුතේ,,,
හීන කල්පයක් දැක
නුඹෙ නමට
සත සතේ එකතුකර
නුඹ රජෙක් කරන්නට
ආදරේ මහ ගොඩක්
පපුතුරේ තියාගෙන
ගලාගෙන යන කිරී
සුවද ඉඹ ඉඹා මම
නුඹ නිසා
නුඹ දමා වැඩට එන
නුඹේ අම්මා මමය....
......උපේක්ෂා ......