ඉඳ හිටල වත් උඹේ දිග කොන්ඩේ වනා පන්
ඇහට කිති කැවෙන්නට සිරික්කිය දමා පන්
තරහටම නෙමෙයි බන් ඉඟ සුගත් ගස්ස පන්
මට තාම වයස නෑ අවුස්සල බලාපන්....
පාන්දර මට කලින් ඇඳෙන් බැස නොයා පන්
පොඩි උන්ගෙ ඇස් ඇරෙන් නට කලින් කියා පන්
ඇඟ වටේ අත දාන දුරින් වත් නිදිය පන්
ගෙරෙව්වට කාරි නෑ කූද්දල බලාපන්...
පොඩි උන්ට කෑ ගහන කට උඹේ නොරිදි යන්
දැලි වලන් වලට උඹෙ අතේ ඉරි නොමැකියන්
උඹ කරන වැඩ දැකල උන්ට දුක දැනීයන්
සිකුරාද වත් රෑට හිත උඹේ නිවීයන්....
තාම අහවරක් නැති ගෙදර වැඩ නොහිතපන්
බැන්කුවේ ලෝන් එක ටිකෙන් ටික කැපෙයි බන්
පොඩි උන්ගෙ හෙට දවස ඔය තරම් බරද බන්
අපට හොඳ කලක් යයි කියල උඹ හිතාපන්....
ඉඳුල් බත් කුස්සියේ තිබුනාට මොකද බං
හැලි වලං ඉඳ හිටල උදේටම හෝදපන්
පොඩි උන්ට කලින් බත් දීල උන් නිදි කරන්
රාත්තිරි හරි කෙටියි හනික නින්දට වරෙං...
රතු පාට කොට ගවුම කොහෙද දැන් හොයාපන්
බඩ ටිකක් හිර උනත් කාරි නෑ හදාපන්
පොඩි උන්ට නොපෙනෙන්න ඇදල මට පෙන්නපන්
උඹ උනත් පුදුම වෙයි නැද්ද උඹ බලාපන්....
විකාරෙන් අවුල් උන කොන්ඩෙ තෙල් දමාපන්
නට්ට වගෙ උනත් අනෙ ලස්සනට ගොතාපන්
කරදරම නම් ඉතින් ටිකක් කොට කොරාපන්
කප්පරක් වැඩ අස්සෙ උඹ ගැනත් හිතාපන්......
වැඩ උඹට නිමක් නෑ නොදන්නව නෙමෙයි මං
බැද ගත්තු බෙරේ දැං නොගහ කොහොමද ඉතින්
පිරිමි ඔක්කොම එකයි කියල නොහිතා ඉදිං
ඩින්ගකට ඇවිත් අනෙ මගෙත් ගිනි නිවාපන්.....
ඉහේ කෙස් පැහුනාට ඒව නොහිතා හිටින්
බඩේ රැලි වැටුනාට මට කොහෙද කාරි බන්
දරු මල්ලො හැදුවාට උඹ තාම හැඩයි බං
හතලිහත් වයසක් ද බොරු නැතිව මෙහෙ වරෙං......
ආර්තිකෙ හරි බරයි එන්න එන්නම ඉතිං
දෙකක් හිතු වාට තුන ආවෙ අත් වැරැද්දෙන්
ඒව දැන් කාරි නෑ උඹ ඕව නොහිතපන්
කෝකටත් සුවර් නෑ දින බලල කියාපන්....
ඒ කාල වගේ නෑ හිත මගේ නිවිල බං
ලමිස්සියො දැක්කාට නෑ හැරිල බැලුවෙ මං
එක එකා කිව්වාට රස කතා වට කරං
ගෙදර බත තරම් මට ලොවෙත් රස කොහෙද බං....
සුදු ගවුමෙ හැඩ මතක කොහේ අමතකද බන්
උඹ දකින කොට පපුව ගැහුනෙ ගිඩි ගිඩියෙ බං
අතීතෙට පෙරලුනත් අපේ ඒ මතක දැං
හිතේ මුල් ලක තියං තාම විදි නවා මං....
එක්කරන් ආ දිනේ හිත පුරා වින්ඳ මං
ඉටි රූපෙ වගේ උඹ අදත් ඒ වගෙයි බං
හිතේ බර ඔක්කොම ටිකක් අහකට තියන්
අඩ අදුරෙ තියෙද්දිම මගේ තුරු ලට වරෙං....
....අසා?
උපුටා ගැනිමකි