Thursday, April 18, 2024
Follow Us
රස්සාවක් කරන අම්ම කෙනෙක් විඳින දුක...

ඔව් ඒක දරාගැනීම් වල පුදුමාකාර එකතුවක්...


?????
අම්මා මමය..
උදෙන් නැගිටින්නට
එලාමය තබන
යන්තමට ඇස් හැර හොර හොරෙන්
නැවතත් ටිකක් නිදියන..
හිටිවනම කලබලව
'පරක්කු වෙලා දෙයියනේ' යි විලාප නගන
එසැනින් ඇඳෙන් පනින..
අම්මා මමය...
රසම රස නැතත්
මොනවාම හරි තම්බන...
ඒවා ඔතාහැර මලු වලට ඔබා
පමාවූ ඔරලෝසුවට රවමින්
එහෙ මෙහේ දුවන..
හොඳම අම්මා කෙනෙක් නොවන බව දැන
සිත දුකින් පුරවන...
අම්මා මමය...
පොඩිදේට නහය එල්ලන
රවන ගොරවන ..
එකම දේ නැවත නැවතත්
කියවමින් වදදෙන..
දුරකතනයට එබී
මුණුපොත පැත්තට හිසලන..
හිටිවනම එය බිම තබා
උයමනට දුවන..
අම්මා මමය..
පුංචි ඇස් නිදියනතුරු
අසීමිතව වදවෙන..
මහා වැස්සක් වැටී නැවතුනු
නිහඩ බව මැද
නිදිසුවෙහි ගිලි ඇස් වලට එබෙන..
ඒවායේ හැඩ බලා හිනැහෙන..
නැවතත්
අහේතුකව දුක්වන...
අම්මා මමය..
කොක් හඩට හිනැහෙන..
ඒ සද්දෙන්ම අඬන..
පුංචි අත් පා අටක්
ටිකෙන් ටික ලොකුවන
පුංචිම පුංචි ගෙපැලක
මවාගත් කිරුලක් දරන..
අන්තයටම වැටුනු මොහොතකත්
කදුලු පිසදා නැගිටින..
අම්මා මමය..
ඉඳුල් බදුනින් හා කිලිටි රෙදි අතරින්
එබී හිනැහෙන..
සාලය පුරා වැපිරූ
සෙල්ලම් බඩු උඩින් පැන යන..
'අනේ ඔහෙ තිබුනදෙන්.
මට මොකද'
කියා සැනසී
පසෙකට හැරී නිදියන..
Copied ..