Thursday, April 25, 2024
Follow Us
ගුරුතුමි

බස් රථයෙදි ගුරුවරියට අසුන දෙන්න මැලි වූ තම පුතාට ගෙදර ඇවිත් දඩුවම් කරන්න හදනකොට ..මෙන්න මෙහෙම කතාවක් පුතා අම්මාට කියනවා.................???


සමාවක් මට දෙන්න අම්මේ
හිතේ තරහක් ඇතිවුනා
දහම් පාසලෙ මට කියා දුන්
ගුණ දහම් අමතක කලා
වැඩිමහිටියෙක් මාත් දන්නවා
ගරු කරන්නට හිස නමා
අමතකයිදෝ අම්මේ ඔබ හට
තුනේ පංතියෙ ගුරුතුමි එයා...........................
එකේ දෙක වසරත් මගේ හිත
ඉගනීම වෙත දිව ගියා
තුනේ පංතිය තමයි අම්මේ
මතකයන් පාරයි සදා
ශිෂ්‍යත්වෙ පංතියක් කියලා
හැමෝටම එන්නම කියා
අපේ චීචත් දැම්මා ටියුෂන්
මන් නොගිය හේතුව ඔයා...............................
ගෲප් පංතිලු මසට දාහලු
ඇහෙනවා නොයෙකුත් කතා
අප්පා නැති උන දාක ඉදලා
නැහුන හැටි මට සිහිවුනා
ටියුෂන් එන්නමයි කියලා
ටීච කිව්වත් හඬ නගා
හැමදාම මම බිමම බැලුවා
කදුළු ඇස් අසරණ නිසා................................
මන් වගේ තව ළමයි ඉන්නැති
ටික දෙනෙක් පංතියෙ නොයා
උන්ව කොන්කර වෙනම තැබුවා
ටියුෂමට මුල් තැන නිසා
සාරි පළතුරු වට්ටි පුරවන්
සමහරක් මව් හින හිලා
ගෙනත් දෙනකොට ටීච වෙත එය
ඒ ළමයි මුල් තැන වුනා.................................
හරිම ලස්සන වදන් කිය කිය
තුරුල් කරගෙන ටීචත් එදා
උන්ව සනසන විටදි අම්මේ
හදේ රිදුමන් ඇති වුනා
වෙනදා වගෙ නොව පාසලත් මට
දුරස් බව දැනෙනවා ඉතා
වදේ අම්මගෙ නිසාමයි මම
පාසලට පිය මැන්නෙම එදා..............................
ටිකෙන් ටික ඒ වෙනස්කම මගෙ
හදවතට නම් හුරු වුනා
එහෙත් හිත තිබු ගුරු ගෞරවය
මගෙන් ඈතට පියබුවා
අඬන්නට හුරු වෙච්ච ඇස්දෙක
දරාගන්නට හැකි වුනා
උසස් පෙළ වෙනකම්ම ගුරුවරු
මැන බලන්නට සිදුවුනා..................................
වැරදි මම ඇති දන්නවා මන්
ඔබේ ඇස් අසරණ වුනා
සමාවෙනවද අම්මෙ චීචව
දැක්කාම හිත කලබල වුනා
වෙනත් ගුරුවරු ලඟදි දැනෙනා
සෙනෙහසක් මට නොදැනුන නිසා
හිතේ යට තිබු මතක ඇවිදින්
බස් රථය තුල පිට වුනා................................
B.M.N.බස්නායක ✍️ (සඳූ)
......කලාතුරකින් මෙවැනි ගුරුවරු හිටියට වැඩි පිරිසක් ආදරණියම දෙමව්පියන් හා සමයි....
....හැමදාම ගුරුවරුන් ට ගරු කරනවා අද මන් මේ ලියන හැම වචනයකටම උපහාර ය මට ඉගැන්වූ ගුරු මව්වරුනි පියවරුනි..ඔබලාටයි..
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
....මේ නිර්මාණය කිසිම කෙනෙක් තමන් ලිව්වා කියලා විකුනන්න ලෑස්ති වෙන්න එපා...එහෙම කරපු කෙනෙක් නිසා මෙහෙම ලියන්න සිද්ද වුනේ..