Tuesday, February 03, 2026
Follow Us
අයියේ උඔට නැද්ද නංගියෙක්

අයියේ උඔට නැද්ද නංගියෙක් එහෙම
ගැහුවෙි පිටට උළුක්කුවක් දැනුනෙ මට
වෙිලක් නොකා වෙිලක් කන අම්මාට
පෙත්තක් නැතිව මියගියොත් මට දුක නේද


කාකි කලිසම දැක්කට අපි විදින්නෙ දුක
ගෙදර ණය හිරවෙල නංගියෙ බොරු මොකද
බිරිද ගැබනියකි එක පඩියයි තියෙන්නෙ අපට
ලොක්කගෙ ඔිඩරේ හින්දයි ගැහුවෙ උඔට
තෙල් ටික නැතිව වීල් එක කොට උඩ හින්දා
අයියා ඉන්නෙ විස්සෝපෙන් ⁣ගම පුරා දුවනා
කසාදයක් බදිනට එකතුකරගත් රන්මාලා
ගියමාසෙ බැංකුවට උකස් වුනා මුන් හින්දා
අව්ව වැස්ස කියල නෑ නීතිය අප හට දීලා
ලොක්කා කියන දේ නෑසුවොත් විසික්කා
වික්කා කියා පාලකයන් රට දනිති අප සැමා
මක්කා කරන්නද පූරුවෙ පවක් ගෙවන හින්දා
නදීෂ නිර්මාණ හේරත්