Thursday, March 28, 2024
Follow Us
හෙමින් ඇදගෙන යන්න සර්

හෙමින් ඇදගෙන යන්න සර් අයියාව
දුක් විදිනා උන් වෙනුවෙන් ආවෙ මෙිම
දුප්පත් මව්පියන්ගෙ දුක දරන් අපිව
කූඩුකරලවත් දෙනවද එයාලට සැනසීම


නියෝග ආවෙ උඩිනුයි පරයෝ අල්ලන්න
සිංහල නොතේරෙද උඔලගෙ ඔළුගෙඩිවලට
කාකි ඇදුම හින්දද බං අපිට අපහාස
නෝනත් ගියා පාන්දර ගොල්ෆෝස් පිකට් එකට


අව්වට කළු වෙලා අයියෙ ඉදලම පාරේ
අපි ඉගෙනගද්දි සමහර උන් බඩගින්නේ
මෙහෙම ගියොත් අපි විතරක්ද යන්නෙ හිරේ
උන්ට ඉඩ නැද්ද බං අපි යන බස් එකේ...


ආතල් එකට නෙවෙි මල්ලියෙ අපි එන්නෙ
පවුලත් බනිනව ඒත් කාකි ඇදුමටයි වාසි
නැත්නම් උඔ වගේ වෙනව බහිනට පාරේ
වෙලාව ආවම අපි උනත් එනවා උඔ යන පාරේ
-නදීෂ නිර්මාණ හේරත්
? Krishan Kariyawasam