Wednesday, June 24, 2026
Follow Us
අල්තාරෙ සේදුනා....

ගීතිකා හඬ මැකී
"ඩෝං" හඬ පැතිරුනා


යාඥා නිහඬ වී
මර බියෙන් ඇලලුණා
හිනා වුණු නෙත් අගින්
උණු කඳුළු බේරුණා
රතුම රතු ලේ වලින්
අල්තාරෙ සේදුනා....
අකල්හි සමු ගත් සියල්ලෝ ම දෙව් මව් තුරුලේ සැතපේවා !
~~~ ගයනි දික්කුඹුර~~~