දැන් ඉතින් මං යන්න ඕනා......
මොන තරම් සැහැල්ලුද කුරුසිය
මේ ජීවිතෙත් එක්ක ගත්තහම
හා නැද්ද?
ගොල්ගොතාවත් පයට
තැනිතලාවකි සුවය ගේනා.
මොන තරම් අමාරුද ඔය දෑස්
ඉකිබිඳින මඳහසම ගේනා
ඇස් කඩාගෙන පනින
ඇස් නඟන මුනුමුනුව
හකුළගනු මැන මග්දලේනා
ඇත්ත,
දූතවර වෙස් අරන්
ස්වර්ගයෙන් බැස ඇවිත්
ප්‍රේමයේ ගල පෙරලුවේ ඔබයි
සොහොන් ගැබ හිස් කෙරුව,
හිස නමමි ඒ උතුම් පෙළහරට
දැකගත්ත අය පවා හණ සළුව
ගොළු වුණා දෙතොල් සොළවනු බැරුව.
මේ වෙනස් ආදරය
කවුද අකමැති වෙන්නෙ විඳගන්න
සිදු වුණත් මැරි මැරී උපදින්න.
ඒ වුණත්
උත්තානෙ නමැති ඒ උතුම් දෙය
ආදරෙන් සමරන්න
ජන්ම පාපෙන් ඔබව මුදවන්න
දැන් නම් උකුත් වෙන්න ඕනා
නේන්නම නොවුණාට
ඉතින් සමු අරගන්න ඕනා.
ආදරෙයි මං
මග්දලේනා !
- මංජුල වෙඩිවර්ධන
(නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක)