Thursday, March 28, 2024
Follow Us
ඇල්ලුවෙි එදා ඉදන්ම පාන

ඇල්ලුවෙි එදා ඉදන්ම පාන
බෝඩ් එකෙන් වැහුවෙ පින්තූර
බනිද්දි වහගන්න අදිනවා පුද්ගලික
ලොක්කව රැකගන්න ආවෙ ආරක්ෂක....


කොල්ලො කෙල්ලො එකතුවෙලා
ජනෙරේෂන් එකට කෙලිය හින්දා
නින්ද නැතිව ඉන්නෙ මෙවැඩ හන්දා
ලයිට් එකෙනුත් උන් හොදටම කරලා...
⁣පිලිසදරයක් නොකල හින්දද මන්දා
අණවින කොඩිවනත් දැන් කපලා
සර්වාංගෙම වෙව්ලනව ඒ දැකලා
යන්නට හිත් නොදෙයි පුටුව හැරදා...
අයියලා වගේ පෙරෙව්වනම් සාටක
මටත් නටන්න හැකි අමු නාටක
හිතෙනව වෙන්න වීරයෙක් කර්නාටක
දාන්න එන්න එපා කවුරුත් මට බාධක...
ජාතිය ආගම නිසයි මෙි ඉවසන්නේ
ලැජ්ජාවක් නෑ මට නම් ඒ දන්නේ
වීරයො ටිකයි බං පස්සට යන්නේ
මන්ත්‍රණ සභාවෙ උන් මා රැකගන්නේ.....
නදීෂ නිර්මාණ හේරත්