Friday, April 19, 2024
Follow Us
පැතූ ලෝකය

පස් මහ බැලුම් නැතුවට
ඊට වැඩියෙන් දේවල් බැලුවා මම....


පොතේ ඉතුරුම් ඇතිවිය
පුද්ගලික රෝහලක නුඹ උපද්දන්නට
හදිසි ලෙඩකට දුකකට
එතැනටම ගෙන යන්නට
හොද ඇදුම් ගෙන දෙන්නට
හොදම කිරි පිටි, බටර් , මිදි ගෙඩි,
නොතිබුනා සැකයක් එදවස ,
කාරයට තෙල් හිග වෙතැයි කිසි මොහොතක
රට වටට, ඉදහිට මුහුදින් එතෙර යන්නට
වෙහෙසී ඉපයූ පඩියට හැකිබව
පසක් කල පසුය
හැදුවේ තොටිල්ල පුතුහට
ඒත් අද.....
එදා මෙන් වෙහෙසී උපයමි
පෝලිමේ හිද තෙල් ටැංකියද පුරවමි
සලාකෙට ගෙනා කිරි ටික , බටර් ටික
දවසෙන් දෙකෙන් නිමකොට
ආයෙත් සලාක පෝලිමට එක්වෙමි
අඩු නැතුව බිල් ගෙවමි
මට ලැබුණු ටිකවත් නොලැබී
අදුරේ දහඩියේ නිදි නැතිව
යහනේ පෙරලෙන පුතුට
පත්තර පිටුවෙන් පවන් සලමි
ඉදින් නොනැවත සටනටද යමි
පැතූ ලෝකය දිනා දී මිස නොනවතිමි
මැද පංතියේ අම්මා වෙමි
පැතූ ලෝකය දිනා දී මිස නොනවතිමි