Thursday, March 26, 2026
Follow Us
අරමුණු

ඔබේ අරමුණු, ඉලක්ක බිඳී යාවී
හීන,බලාපොරොත්තු ඉටු වීම
තව දුරට යන බව දැනේවි ....
කිසිවෙකුත් නැතිව ඔබ තනිවේවි ...


ජීවිතයේ දුෂ්කරම කාලයේ
ඔබ හුදෙකලා වේවි....
අසීරුවෙන් හිත හදාගෙන
යළි නැගී සිටින්නට වෙර දරන විටත්
යළිත් ඇදගෙන වැටේවි...
ළඟින්ම සිටියවුන් පවා අතහැර යාවී...
නමුත්.....
මේ සියළු දේට එරෙහිව නැගී සිටින්නට
ඔබ තුළ ඇති ශක්තිය...
ඒ සියල්ලට මුහුණ දෙන ආකාරය
නොපසුබට උත්සහාය...ආත්ම විශ්වාය...
පෙරටත් වඩා අපූරුවට
ඔබේ ජීවිතය ...
ඔබට යළි ලබා දේවි....
✍️ දුෂාන්ති අතපත්තු ______