Tuesday, April 22, 2025
Follow Us
පාවෙල්ගෙ අම්මේ.....!!!!!! ❤️❤️❤️

පැක්ටරියට දැන්වීම් හංගගෙන ගිය
ඒ කබායමද
පරම්පරා ගණනකට පස්සෙ
ඊයෙත් ඇඳන් ආවෙ
අරගල බිමට...


කමක් නෑ
අපුල නෑ
ආදරේ සුවඳයි...
පැඟිරි වත්ත හන්දියෙ ලිලැක් මල් පිපෙනව..
මසූර්කා නැටුම් දිනෙක අපි නටනව
ස්ටෙපස් තණ බිමට ටිකක් දුර තියනව
දුයිෂෙනුත් අර අතන බෝඩ් උස්සන් ඉන්නව
දියවන්නාවෙන් හමන මෝසම් සුළඟ හරි සැරයි
දඩ බල්ලො වෘකයො හතර අත ඉව කරයි
සෝවියට් දේශයෙත් ශෙල් වෙඩි අහසට නැගෙයි
ස්ටෙපස් තණ බිම පසු කර ඔබ
ජුබිලි කණුවට ආ එක හොඳයි..
දුක මිදෙයි - හිම වැටෙයි..
ඒත්
වානේ වගේ පන්නරය ගත යුතුයි...
"රුසියාවෙ සාර්ට වඩා දරුණු ලංකාවෙ සර්" එළවන තුරු..
හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නෙපා
උරහිසේ නිදන පුංචි පාවෙල්ට...