බොක්ස් ටිකට්
හාරසිය පනහයි
අඩි පහේ කාමරේ
පොරොන්දම් මොකටද
පැය දෙකයි ආදරේ
බංකු දෙක තව්තිසා
දෙව්ලොවට වාහනේ
සුබ පැතුව පොඩි විජේ
නොම්බරය දාහතේ
තිර රෙද්දෙ මුල් හරියෙ
නළුවන්ගේ විත්තිය
පුධානම නිලිය අර
මාලනී ඇත්තිය
දිව අගින් බලන කොට
සිනමාවේ නෙත්තිය
දන ගහන්නට තරම්
මට තිබුන භක්තිය
විසිල් හඩ මැද්දේ
ජීවන්ගේ සටන්
එතකොටයි නාටකේ
ගත්තෙ මන් පටන්
පුම්බන්නෙ නැති බැලුන්
කට වටේ ඔතන්
මන් බැලුව හති දදා
බැල්කනියෙ හිටන්
ආස ඈ උඩයන්න
මගේ ලය ආරෙන්
ඇහුව මන් කැමතියිද
පිටිපස්සෙ පාරෙන්
වෙරළු මල් ලග එනව
ඉතිරෙන්න දොා්රෙන්
කෙදිරැවා බැහැගැන්න
මල් පියලි දාාරෙන්
ලන්වෙලා කිව්ව මන්
රිදුනාද නුබට
නක්කලෙන් හිනාවක්
ගියා ඇගෙ මුවට
මහත්තයෝ නුබ එක්ක
තනිවුනත් දහට
සබීතට වඩා මන්
ප්‍රසිද්දයි මෙහෙට
ආයෙමත් ෆිල්ම් එක
බලනවා පහට
පීල්ලෙන් හෝදගෙන
කොහොමහරි කහට
කන්න මන් ගෙනියන්න
ඕනි දරැ හයට
තාත්තකේ නෑ උන්ගෙ
ඉස්සරහ නමට
මහත්තයො රිද්දන්න
බෑ මාව නුබට
ඒ තරම් ආමාශෙ
බයයි යටි බඩට
(රෝමි)