Saturday, May 04, 2024
Follow Us
වෙලාව තිබුනා

උඔට උඔගෙ යාළුව කරදරයක වැටෙද්දි උදව් කරන්න.සමහර විට රෑ ගණන්....
වෙලාව තිබුනා


උඔට උඔගෙ යාළුව දුකෙන් ඉද්දි
හිත හදන්න
දවස්ගණන්....
වෙලාව තිබුනා
උඔ⁣ට උඔගෙ යාළුවා අඩනකොට
අඩන්න එපා බං ප්‍රශ්න විසදගන්න
අඬලා බෑ කියල කියන්න....
වෙලාව තිබුනා
උඔට උඔගෙ යාළුව හැමදේම නැතිවෙල කියල
බලාපොරොත්තු අතහරිද්දි
බලාපොරොත්තුවක් පෙන්වල දෙන්න...
ඒත්
උඔ⁣ට උඔගේ යාළුව වෙනුවෙන්
තිබුන
වෙලාව උඔගෙ පුංචි දේකට වැය කරන්න
උඔගෙ යාළුවට ඒ වෙලාව නැතිව ගිහින් තිබුනා
ඒත් එහෙම යාළුවට වෙලාවක්වත් නැතිවුනේ ඇයි කියල අහන්න
උඔ⁣ට වෙලාව තවමත් තිබුනා....
(අහුන්කන්දීමකට වෙලාවක් නැති මිනිස්සු මරණයට ඇවිත් අඬනව දකින්නෙ කෝමද...ඒ හින්දා යාළුව වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරන්න බැරි අය යළුවගෙ මරණයට යන්නවත් එපා.මොකද එතනට යන්න උඔට අමුතුවෙන් වෙලාව ලැබෙන්නෙ නෑ )
| නදීෂ නිර්මාණ හේරත්