Saturday, May 04, 2024
Follow Us
දිවිය පිදුවට නුබේ වටිනා

දිවිය පිදුවට නුබේ වටිනා
ඵලක් නෑ ඔබෙ දිවිය
දැවෙනා
කුමක් කරනුද සොවින් තැවෙනා
ස්වාමි අනියම් පෙමක කියලා


සෙනෙහසක වටිනාකම් සොයන්නට
ජීවිතයක කොයි තරම් දුක් කද
සිතින් සෝ දුක් ඇති කරන්නට
හැකිය සැනකින් මරවවන්නට
මගේ හිත නම් හරිම බොලදයි
පුන්චි දේටත් අඩලා ගසලයි
අනේ නුබ ඇයි එසේ කපටියි
වාව ගන්නට බැහැනෙ පිච්චෙයි
මගේ පෙම ඇයි නුබට මදිදෝ
තවත් පෙමකට අත වනයිදෝ
එදා දුන්නු පොරොන්දු කොයිදෝ
කොලයකට ඇයී සීමා මදිදෝ
දැවෙන හිතකට කුමන සිසිලද
තැවෙන හිතකට කුමන සැපයද
අඩන හිතකට කුමන සතුටද
මගේ හිතට නුබ නැතිව කුමටද
ඊයේ රෑ නුබ කොහිදෝ ගියෙ අද
වෙද නලාව අරගෙන ගියානෙ එනවද
ස්කෝලෙ යන්නට හිත නෑ මට තව
දරුවො මග ඇති බලන් අද මම
හිත දුර්වලයි මගෙ පන
යන්නට හිතෙයි ඈතට
සිය දිවි නසන්නද මම
කුමක්ද එය හට පිළිතුර
උදෑසනේ කෝච්චිය
ඈතින් ඇසේ හූ හඩ
මගේ හිත කියනවා
ගෙල තියන්න පිලි මත
ඇදී යන්නට හිත් ඇති
බැදී විදවන්න සැරසෙන
හිතේ වේදනාව සමග නොදැන එහි වේදනාව
තබමි ගෙල පීල්ල මත
යනවා මන් නොයෙන්න
පාපි නිරයට හිතින්ම
කුමක් කරන්නද මම
මාරයා අඩ ගසයි මට....
යලිදු මිනිස් බවයක්
නොලැබෙයි මට තවත්
බුදුන් එදා දෙසුවා පව් කරන්නට එපා සිතින් වත්
බැදීම් දුකක් කිව්වට ඇහුවෙ නෑ කනකටවත්
ඒ කරපු පවටම කරුමයත් බාධක වෙලා තවමත්
දැවෙනවා සිත තව නිරයෙ දුක් විදින්නට
පාප සිතුවිලි තවත් බුර බුරා නැගෙනු ඇත.....
ගත් ක්ශනික තීරණය
දැන් පොලවෙ පස් කයි
ඔහු ඉතින් තුටින් අද
මම විදිමි තැවෙන ගත
කවද නිරයෙන් ගොඩ එන්නද
බැදීමක මහ දුක
විදිමි එදා මගෙ දිවිය නසා ගෙන අද.....
කිසි දිනක මොඩ වැඩ කරනු එපා මෙමා වැනි
බැදීමක දුක තවත් තැවුල් නොව සිතින් ඇති
පිනට දහමට නැබුරුව උපේක්ශා සිතින් ඇති
සිතට නොව මොලයට කන් දීපන් මට නොමැති
එපා සිය දිවි නසා ගන්නට
මනු භවය වරම් ඇති
පිනක් තව කොයිබවත්
දැනුනා මහ නිරයෙ දුක් කද දුටු විට ලොවේ දුක හැටි තරම....???
__උපුටා ගැනිමක්__