Saturday, May 04, 2024
Follow Us
සියලූම අම්මාට

ඇතෙකුගේ හයිය කොච්චරද ඒ තරමටත් වඩා තුනටියෙන් එන වේදනාව දරා ගන්න හයියක් ඔනේ...වමට හැරෙන්න වමට හැරෙන්න මොන වමක්ද ..........


උකුල් ඇට දෙබෑකරන් තැටමෙනකොට චිරිස් ගලා අමු ම අමු මස් ඉරෙනකට විළිඹරව උන්න ගෑහැණිය විළිරුදාවෙන් ලැජ්ජාව අමතක වෙනකොට..........
තටමන්න අම්මා තටමන්න...තව පොඩ්ඩයි..
අම්මෝ එක කරන්න ඇත්තු දහසකගේ හයිය ඔනේ..........
හොඳට හුස්ම ගන්න අම්මා එක හුස්මටම තටමන්න එක පාරින් බබා එළියේ ඒ වචන හයියක්............
පිටිගුළියක් වගේ ලේ කැටයක් ඇස් වලින් දැක්කම....සුදු මැලි උන මූණට ....ලේ රස වෙන්න කෑගපු උගුරට කෙළ නැති කටට හිනාවක් එනවා..........
පෙකනි වැල අයින් කලාම .....දොස්තර ආයෙත් අත දාලා ...ගර්භාශයම සුද්ද කරත් නෑ දැනෙන්නේ..............
_____________________________________________
මේ කියවන ඔයත් ආවේ ඔහොම...අනික කෙනා ඔයා මේක විදලා ඇති...අනික් කෙනා ඔයා විදින්න බලන් ඇති .....අනික් කෙනා උඹ පුලුවන් නම් මේ දුක විදින්න එතන ඉන්න පුලුවන් විදියට ආදරේ කරපන් තමන්ගේ එකීට..කවදාවත් වචනෙකින් වත් නපුරක් කරන්නේ නැති වෙයි.....
සියලූම අම්මාට ??????