Friday, March 27, 2026
Follow Us
හුඟක් ඉස්සර

හුඟක් ඉස්සර
කාලෙකට පෙර
සිහින් ඉඟටිය
නටවමින්
Catwalk තාලෙට


ගියපු හැටි
ස්මෝල් ගවුමක්
ඇඳන්...
දෙන්නා තුන්දෙනා
පැටව් ලංවී
උරා බොද්දි
කිරි තනෙන්
දන්නෙමත් නැහැ
ලාර්ජ්
එක්ස් එල්
පහුවුණේ
හිත රිද්දමින්.....
ඇඳුම නොකියම
ඩබල් එක්ස් එල්
පහුකරන්
ඈතට ගියත්
තව ම ඇස දෙක
නතර වෙන්නෙ ම
දුටු දුටුව තැන
ස්මෝල්...
මුදී@