Tuesday, June 23, 2026
Follow Us
දවසක මහ රෑක

දවසක මහ රෑක
අනෝරා වැහි
වැටෙන මොහොතක
හිත ගියා දුරක..
බැරි වුණා නවතන්න
කඳුළු මගේ ඇහැට...


මේ වගෙම දවසක
නුඹ ගියා මා දමා දුර ඈත
හඬා වැටි වැටී කිව්වට
හැරී බැලුවෙවත් නැහැනෙ
යළි එන්නට...
අපේ ඒ මතක
ඇවිස්සෙනවා හැමදාම වහින දාට
කොහේ නුඹ හිටියත් අද
මගේ පපුව අස්සේ ඉන්නවා
තාමත් හරි පරෙස්සමට....
එදා වාගේම හිත..
ඉකි බිඳිනවා හොඳටෝම
හිත යන්තමින් වාවගෙන
ඉන්නවා කඳුළු හංගගෙන
දන්නවා අපේ මතක
නුඹෙත් හිත් කොණක
තාම තියන් ඉන්න බව........
හැමෝටම හොරෙන්
හරි උණුහුමට...
✍️ දුෂාන්ති අතපත්තු ________