Wednesday, February 04, 2026
Follow Us
දූ පැටියෙක්

එක දවසක එක හවසක අම්මි
ඇවිත් කාමරේට
හිනාවෙවී උම්මා දිදී කෝලමකට
ගත්තා මාව?


ඕඩිකොලොං ටිකක් අරං ගාලා මගේ
ඇඟ පුරාම
ඇඟිල්ලෙනුත් තොලේ ගෑවා රතුපාටට
තව මොනාද...?
බැලුවේ මං අම්මි දිහා අම්මිද මේ
වෙන කෙනෙක්ද?
අනේ අපොයි මූණ ඉඹලා චූටි මැණික
කිව්වා නේද
ඒනම් මගෙ අම්මි තමයි ශුවර් ඉතිම්
ශොට් එකටම
දොර ඇරගෙන කවුද ආවෙ හම්බෝ
අප්පච්චි නේද...?
සුරංගනාවියක් වගේ රෝස කැලෙං
ගෙනාවාලු?
අප්පච්චියි කිව්වේ මං අම්මිට වඩා
ලස්සනයිලු
බෝල ඇසුයි චූටි තොලුයි බෝනික්කෙක්
වාගේමලු
කම්මුල් දෙක මිරික මිරික උම්මා දෙන්න
හිතෙනවාලු...?
මං පහනලු මේ ගෙදරට කිව්වේ
මගෙ ආච්චීලු?
දූ පැටියෙක් ගේ ඇතුලට වාසනාව
ගේනවාලු
දෙවියො වඩින්නෙත් ගෙදරට දෝණි
බබෙක් හිටියාමලු
අනේ ඉතිම් පෙර පිනකට මාත්
දෝණියෙක් උනාලු...???

-ගයියා...✍️