Thursday, September 24, 2026
Follow Us
තුම්මුල්ල හන්දියෙන්
තුම්මුල්ල හන්දියෙන් මලලසේකර පාරෙ
අතින් අත අල්ලගෙන යන්නෙ නැති මුත් ආයෙ
''ලෝ'' එකේ කැන්ටිමේ අඳුරු සෙවනැළි ගානෙ ..
කාගෙහරි කතාවක අපිත් ඔහෙ හිටියාවෙ .......

 

රෝස පැහැ මල් වැටුන රැජින පාරට හැරී
මාර ගස් නිදනමුත් රාත්‍රිය හා එතී ...
අවසාන තත්පරෙත් පිරිමි පපුවක කිතී ..
නිවන්නට දුම්කොලත් ලියනවා දැන් ලිපී .........
----------
සහන්