උදේ වෙලා වගෙ ඇහැරෙන්න
ඉර එලිය එද්දි සැරසෙන්න
මුරකාර මාමාගෙ දෝස්මුරය
රෑ පුරාම ඇහෙනා කන්කෙදිරිය
දරුවන් දෙදෙනයි මට ඉන්නෙ
එනමුත් නෑ ලොව සැනසෙන්නෙ
මනුස්සයා ගියේ කලකට උඩදි
මහමග වැටිලයි අපි ඉන්නෙ
සෙකුරිටියගෙ අනුකම්පා හදවත
ගැහෙන්නෙ දැක දැක මගෙ ලැම
රෑ කොත්තුවට පුංචි උන් කැප
නින්දක් කොයින්ද උඔගෙ බීඩි ගඳ
වැස්සක් ආවහම කුටියට ගිහින්
ආපහු එනව දරුවන්ටත් හොදින්
සලකපු හින්දා සෙකුරිටි උස් වෙමින්
බලන්නෙ ඩැහැගන්නයි හදින්...
නදීෂ නිර්මාණ හේරත්