Friday, March 27, 2026
Follow Us
උදේ වෙලා වගෙ ඇහැරෙන්න

උදේ වෙලා වගෙ ඇහැරෙන්න
ඉර එලිය එද්දි සැරසෙන්න
මුරකාර මාමාගෙ දෝස්මුරය
රෑ පුරාම ඇහෙනා කන්කෙදිරිය

දරුවන් දෙදෙනයි මට ඉන්නෙ

එනමුත් නෑ ලොව සැනසෙන්නෙ
මනුස්සයා ගියේ කලකට උඩදි
මහමග වැටිලයි අපි ඉන්නෙ

සෙකුරිටියගෙ අනුකම්පා හදවත
ගැහෙන්නෙ දැක දැක මගෙ ලැම
රෑ කොත්තුවට පුංචි උන් කැප
නින්දක් කොයින්ද උඔගෙ බීඩි ගඳ

වැස්සක් ආවහම කුටියට ගිහින්
ආපහු එනව දරුවන්ටත් හොදින්
සලකපු හින්දා සෙකුරිටි උස් වෙමින්
බලන්නෙ ඩැහැගන්නයි හදින්...
නදීෂ නිර්මාණ හේරත්