Friday, April 26, 2024
Follow Us
අපි කාලකණ්නීන්‍ ය.

ගෙදර උන්ව මග හලාගෙන
උදේ හයට හය හමාරට
ඉස්කෝලෙට එන
අපි කාලකණ්නීන්‍ ය.


දෙක වෙද්දි ගෙදර යන්නට
තියෙද්දිත් ඉඩ
තියාගෙන වැඩ බැරි උඹලගෙ උන්ට
පොව පොවා අකුරු කරන
අපි කාලකණ්ණින්‍ ය

අර තරඟ මේ තරඟ කියද්දි
තියෙන නිවාඩුව පසෙක ලා
ළමයි අරගෙන රට වටා දුවන
ඔව් අපි කාලකණ්ණින් ය.
දොස්තරලා ඉංජිනේරුවන්
රටට බිහි කරමින්
අපිව අභිබවා යන්නට
දරුවන් තනන අපි
කාලකණ්ණින් ය.

අතේ පිච්චියක් තිබුණද
දෙවරක් නොසිතා
ගෝලයන් වෙනුවෙන් යොදන
ඇතැම් විට ගෙනා බත් පතද
දරුවන්ට දී උන්ට උගන්නන
අපි කාලකණ්නින් ය.

ඔව් උඹලා නිවැරදිය
උපන් රට කන්න
තොපි වැනි දේශපාලුවන්ට
එක අකුරක් හෝ ඉගැන්නුව
ගුරුවරුන් වන අපි කාලකණ්නින් ය.

ඒ ගැන සිතන් විට
එකෙන්ම අපි
කාලකණ්නි ය.
කාලකණ්ණි ගුරුවරුය.

අයිතිවාසිකම ඉල්ලිය නොහැකි
ලැබෙන දෙය බාර ගත යුතු
නුඹලාට අනුව හුළං බී
දිවි ගෙවිය හැකි
යැයි සිතන
මෙවැනි දූපතක ඉපිද
ගුරුවරුන් වූ
අපි
ඇත්තටම
කාලකණ්ණින් ය.

(Facebook)