Wednesday, February 04, 2026
Follow Us
පිරිත් කියන්නට අපෙ ගෙදරට වැඩිය

පිරිත් කියන්නට අපෙ ගෙදරට වැඩිය
සාධුන් අතරේ හුරු මුහුනක් දැක්ක මම
හුග දවසකින් අයියා ගෙදරට නාව
හිටියා දැක්ක මං සිවුරක් පොරවාන


පිං පාටයි තව තව අයියගේ මූන
නැග්ගේ කරට ආදරෙ වැඩි හින්දාම
පව් සිදු වෙයිද මං අයියේ කිව්වාම
සාදුනේ සමා දෙනූ කරයේ නැග්ගාම
වෙනදා වගේ මං හුරතල් නොකෙරුවට
දන්නව ආදරේ බව වැඩියෙන්ම මට
පෙන්වා සුරතලය අල්වා මගේ අත
මාවත් අරන් යන්නකෝ ඔබේ පන්සලට
පිරිත් වදන් මගේ හිතට බර වෙයිද
නොතේරුනත් මට ඉන් පින් සිදු වෙයිද
ඔබගේ මගම යන්නට මට හැකි වෙයිද
නිවන් පුරට මට දොර දුර නැති වෙයිද
නෙක්මාලි කේ හේවගේ