Wednesday, February 04, 2026
Follow Us
යශෝධරාවී

මලකි නුඹ මට සුවදවත් උනු
පුදසුනෙහි තබනා...
රුවකි තෙදවත් දෙනෝදාහක්
දෙනෙත් මන බඳිනා .....


සිතකි පින්බර අමිල අදහස්
හදවතේ තිබෙනා..
පිනකි පෙර කල මගේ අම්මේ ....
ඔයා මට ලැබුනා ....
දස මසක් කුස දරා...
අම්මා මා බිහි කලා...
සෙනෙහසේ පෙම නිසා...
ඇගේ ලේ කිරි කලා..
නිතර මා ගැන සිතා...
මාව රක්ෂා කලා..
උතුම් මව් පදවියට අම්මේ..
ගොඩක් මම ගරු කලා...
ආදරේ රැකවලා...
ඔබයි මා හට සදා..
දුක් කදුලු පිස දමා..
ජය මගට පා තබා....
සුදු වතින් සැරසිලා..
බුදුකුටියටම වෙලා...
පින්පුරනවද අම්මෙ තව තව..
මදිද ඔබ පින් කලා...

වත්සලා සදමාලී