Thursday, September 24, 2026
Follow Us
නූපෙ හන්දිය .....

-------------------
කාර්ඩ් සලකුණු කරන තැන්වල
තාම විපරම් කරයි ඇස් දෙක ..
පන්තියක ඩෙස් පේලි අතරක
ඇවිද යමි ඒ සුවඳ මත්තෙම ..........


මග හැරුන ඒ අකුරු දෙකතුන
ජීවිතේ මත තැබූ හිස්තැන ....
බයෝ පොත්වල තීරු අස්සක
තබා ඇත ප්‍රේමයේ අත්සන ..........
ගුරුකුලේ අහසම වසාගෙන
කඳුළු මුතුවැල් බිමට බැස්සම ..
අදත් අසරණ උනා දැක්කා
ගාලු පාරේ පිරිමි ඔක්කොම ..........
-------
සහන්