Saturday, November 23, 2024
Follow Us
දුම්රිය රියදුරෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපියක්

හැමදාම පාන්දර පහට කුකුලත් අරන්
ගුරු පාර පහුකරන් ආවා පටු පාරකින්
මම තමයි කෝච්චියේ ඩැයිවරයා යැයි තෙදින්
උන්නා මං සත්තමයි හැමදාම හෙන උඩින්


____________________________________
කොලොම්තොට ගාළු පුර බදුළු පුර පහු කරන්
වන්නියෙත් මං ගියා යුද්දේ කාලෙත් හිටන්
කොටිත් මට වෙඩි තිබ්බා " තෝත් මිරියන් " කියන්
එදත් මං මැරුන්නැ නෑ හිටියා පපුවම බදන්
______________________________________
සුනාමිය දා හයට කොළඹ සිට එන ගමන්
මහ මුහුද යකා වගේ ආවා පොල් ගස් අරන්
මගේ බෙල්ල අග්ගිසට කරිජ්ජත් ඇති තරම්
පිරිලා වත් මැරුන් නෑ මං හිටියා පනපිටින්
______________________________________
මට වඩා ආදරෙන් රැක්කා මං රස්සාව
දාස් ගානක් ඈයෝ පරිස්සන් කරා මම
බදුලු යද්දි දුමින් පිරුනොතින් අපේ පාර
නවත්තන් හිටියේ මං රකින්නයි සිටි සෑම
______________________________________
එදා ඉරිදා දිනක් වහිනවා හිටු කියලා
ලොකු එකී මට වැදලා ආවේ යන්නම් කියලා
දෙකයි තිහ ගාල්ලෙන් කොලොන් යන්නට මෙමා
නැග්ගේ කරුමෙට කියලා හිතෙන්නේ දැන් තමා
______________________________________
දඩැල්ලෙදි මහ වැස්ස පෙන්නැ ඉස්සරහා
තියව්වත් හූ සද්ද ඇහෙන්නැ අකුණුත් නිසා
මොකක් හරි සුදු දෙයක් වැදුනා ඇන්ජිම පුරා
රතු පාට ලේ දැකලා මගේ පපුව හිර වුනා
_______________________________________
මක් කරන්නද කියලා අළුත්ගමටත් ගිහින්
වැන්දා කන්දේ වෙහෙර මං වැරදි නැති හෙයින්
වැටෙද්දි ඝණ අදුර මගේ පැලට ලං වෙමින්
මුළු ගමම අඩනවා මලගමක් වගේ දුකින්
_______________________________________
මගේ ගෙදර හැමදාම මං එද්දි දුව එමින්
අහනවා අප්පච්චි මහන්සිද සනසමින්
ඒත් අද නෑ මැණික කොහේ කොතනක ගිහින්
පය ටිකක් ඉක්මන්ව ගියා ගෙට මං දුකින්
_______________________________________
සුදු ඇදන් පන්සලට යන්න ගිය මගේ එකී
මූණවත් නෑ හොදට තැලිලා පොඩිවිලා ගිහින්එට
දඩැල්ලෙදි මගේ අතින් මැරුනේ මගේ ලොකු එකී
කියලා දැනුනාම මටත් මැරෙන්නම සිත් වුනී
_______________________________________
වැඩපලේ ලොකු සර් ලියන්නේ හරි දුකින්
ඒත් තව ඉන්න බෑ දුම්රියේ මට ඉතින්
මගේ අතින් මගේ එකිම මැරී සැගවී ගිහින්
ඉතින් මට සමුගන්න අවසරයි දැන් ඉතින්
_______________________________________
හි රු වා