Wednesday, February 04, 2026
Follow Us
හැම එකෙක්ම සිරාවටම ආදරේ කරන්නේ  ජීවිතේට එක පාරයි

| හැම එකෙක්ම සිරාවටම ආදරේ කරන්නේ
ජීවිතේට එක පාරයි


සමහරවිට හිත ඉල්ලනම කෙනා
වෙන කෙනෙක්ගේ වෙනවා
ඇස් ඉස්සරහම දකින්න ලැබුනම
දන්නවද ඒ හිත් ගල් වෙනවා
හැඟීම් දැනීම් නැති වෙනවා
වේදනාව දරගන්නම බැරුව ඇඬුවත්
උන් කඳුලුවලටත් වෛර කරන්න පටන් ගන්නවා
හැමදේම හිනාවකින් දරාගන්න උන් පුරුදු වුනාට
සංවේදීම හිතක් වුනත්
කිසිම කෙනෙක් වෙනුවෙන්
කඳුලක්වත් නොවැටෙන තත්වෙට පත් වෙනවා
පොඩි දේටත් මහ හයියෙන් හිනාවෙන්නේ
කාලයක් එකෙක් මත්තෙම නැහි නැහී
එකෙක්ව විතරක්ම ජීවිතෙම කරගෙන
ආදරේ නිසාම අසීමිතවම හිත් තුවාල කර ගත්ත එවුන්
උන්ට ආපහු ආදරෙන් වැඩක් නෑ බන්
උන් ආදරේ ආපහු හොයන්නෙත් නෑ
උන් එතනින් එහාට හොයන්නෙම
ආදරේ නෙවෙයි ජීවිතේ ❤️ ?
වෛශු පාරින්දි??