Friday, August 07, 2026
Follow Us
කොවුල් බිත්තර ගැනම එක එක කතා කිව්වේ  කපුටියන් ..

කොවුල් බිත්තර ගැනම එක එක කතා කිව්වේ
කපුටියන් ..


නරක චිත්තර ඇන්ද විතරද රැයේ සෙවනැලි
මිතුරියන් ........
පෝය සඳ ගැන සොයා බැලුවද සීල රකිනා
උවැසියන් .........
රෝසමල්වල තෝරාගත් පෙති බෙදාගත්තේ
නිවැසියන් ..............
අම්ල වැසි මැද මල්ම පැතුවේ සංස්කෘතියක
දාසියන් ..........
රසායනිකම අවිත් ගහලා හැංගුනා ලොකු
කාසියන් ..........
මගුල් දවසේ ඇදන් වැටුනද කියන විදියට
වේසියන් ..........
පැටව් හංගන හේතු විඳපන් වෙලා දවසක
පූසියන් ...........
------------
සහන් 

sahan