Tuesday, April 16, 2024
Follow Us
ගෑනියෙක්ට පිරිමියෙක් ඕනේ

ඇදක් උඩ නිදාගන්න විතරක්ම නෙමෙයි බං..


????????????
පිපෙන්නට දහ දුකම වින්ඳත්
ඉරත් කොච්චර හයියද....
ඒ වගේමයි ගෑනූ ජාතිය
කවුරු ලෝකෙට මැවුවද....
ගතට දහ දුක උරුම වෙද්දී
තල තලා පපු කැවුතුද...
ඇඳට විතරක් අඬගහන්නේ
තොපි හිතුවෙ උන් යකඩද......
...............................................
ඉහේ මුදුනට හාදු දීලා
ඉඹලා ඉඹලා ඇති තරන්..
ආදරෙන් වචනයක් කියපන්
උන්ට ඒවා ඉස්තරන්....
දහසකුත් වැඩ අස්සෙ උන්ටත්
පොඩි වෙලාවක් වෙන් කරන්...
අහපල්ලා උන් හරිම ආසයි
"කෑම කෑවද රත්තරං ?"........
...............................................
කුකුල් මස් බුරියානී කිය කිය
ඕනේ නෑ වැඩි ජාති කවදත්..
ආදරේ උතුරනවා දැක්කොත්
ලෙවකාවී උන් පිරිමි පපුවත්...
නලල ඉඹලා ලඟට ඇවිදින්
කිය කියා ප්‍රේමයෙන් කවියක්..
ආදරේ තවරලා දුන්නොත්
උන්ට ඇති බං වඩේ ගෙඩියත්.....
.................................................
ඉරෙන්නට වගෙ හපලා තොල් දෙක
ඇඳුම් ගලවලා විසික් කරලා...
දීලා වද තිස් දෙකම දහ අට
වන්නමුත් ඇඟ උඩ්ම නටලා..
වේදනාවට උන් අඬද්දී
කිසිම ගානක් නැතුව බැනලා..
යද්දී ඒ හිත් දියවෙනවා බං
නොදැක්කට ඇස් දෙකෙන් උඹලා.....
......................................................
නලල ඉඹලා අතගාලා හිස
ලඟට අරගෙන ආදරෙන්..
ඉල්ලුවොත් හැමදේම දෙයි උන්
නලවලා තොපි රාගයෙන්...
ආදරේ වක්කරලා බලපන්
උන්ගෙ පපුවට සීරුවෙන්.....
ගෑනු ජාතියේ හැටි තමයි ඒ
උන් නිවෙන්නෙම ප්‍රේමයෙන්.....
.....................................................
ඇඳක් උඩ දහ අතේ නැටුවට
ගෑනු එක්කලා පිරිමි හැත්ත...
අතගාලා බිංදුවක් බැලුවද
උන්ගෙ ඇවිලෙන පපුවෙ මැද්ද..
කොයි තරම් පිරිමින්ට කිවුවත්
උන් හොයන ආදරේ පැත්ත....
දන්නවද,,
""ගෑනු හිත් තේරෙන්නෙ නෑ බං
අන්න ඒකයි තිත්ත ඇත්ත""......
....................................................
Writer සමනලී ️?