Wednesday, February 04, 2026
Follow Us
ජාතිත් ජාති නුඹ වේවා මගේ අම්මා..

සඳකට වේය නුඹ උපමා මගේ අම්මා..
සෙනෙහස වේය මහ මුහුදක් සේ නිම්මා..
දරුවන් කෙරෙන් නිතරම නුඹ විය සම්මා..
ජාතිත් ජාති නුඹ වේවා මගේ අම්මා..

පහනක් විලස ආලෝකය ගෙන දුන්න..
හැම හිතකටම සැනසුම නුඹ ගෙන දුන්න..
දිගුකල් යෙහෙන් සතුටින් නුඹ වැජඹෙන්න..
පතනෙමි දිඝාසිරි මගෙ අම්මට සැනසෙන්න...

දහදුක් විඳන් මෙලොවට බිහි කරමින්න..
ඇඟ ලේ කිරි කරන් සෙනෙහෙන් ම⁣ට දුන්න..
නෙත් දෙක වගේ නෙත් තුල තබමින් රකින..
කෙනෙක් වේද මේ ලොව තුල නුඹ මෙන්ම..

Hiru
2021.02.27