Tuesday, March 17, 2026
Follow Us
 බුදු දෙසු මග යන්න

කොහොමෙන් කොහොම කීවත් කවි පද ගොතලා...
කවුරුත් කරන්නේ පවු වැඩ පොදි ගහලා...
තෙරුම් යද්දී බුදු දෙසු බන
හරි කියලා...
කල් ගොස් හමාරය පල නැත දුක් වීලා..

කල හොඳ නිතර අපි පිටිපස්සෙන් එනවා....
එලෙසම කරපු පව් අප සමගින් ම එනවා ..
නොහැකිය බේරෙන්න අයියො මිනිස්සුන් පන්සල්
යනවා..
ඇයි නොසිතූවේ දවසක මිය අපි යනවා....

තිබුනත් නැතත් වස්තුව මෙහි පිරෙන්නට...
අප කාටත් වෙන්නෙ එක දෙයමයි අහගන්න
කල හොද නරක පමණක් හැක ගෙනියන්න
එනිසා නොපමාවම බුදු දෙසු මග යන්න

 

Raji De Silva